විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධ ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබඳ විදෙස් නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා. ඒ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීසස් කොලේජ් හිදීයි.
ශ්‍රී ලංකාව සම්බන්ධ මෙම සාකච්ඡාව සඳහා විද්වතුන් කිහිප දෙනෙකුම එක්ව සිටියා. විශේෂයෙන් ඔවුන් නීති ක්ෂේත්රයේ ප්‍රවීනයන් වන අතර ඔවුන්ගේ අදහස් හා යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළා. රාජකීය උපදේශක මහාචාර්ය ශ්‍රීමත් අයිවන් ලෝරන්ස් රාජකීය අධිකරණ සභික හා උපදේශක ශ්‍රීමත් රූපට් ජැක්සන් යන මහත්වරුන් සහ රාජකීය උපදේශක මහාචාර්යවරුන් කිහිප දෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගි වුණා. අනතුරුව අමාත්‍යවරයා රාජකීය උපදේශක ඩැනියෙල් බ්‍රෙනන් සාමිවරයා සහ ඕස්ට්‍රේලියාවේ හිටපු විදේශ අමාත්‍ය හා එක්සත් රාජධානියේ රාජ්‍ය නීති ප්‍රතිපත්ති සම්පාදකවරුන්ගේ ජාත්‍යන්තර විද්‍යාලයේ අධ්යක්ෂ ඇලෙක්සැන්ඩර් ඩවුනර් යන මහත්වරුන්ද ලන්ඩනයේදී හමු වී සාකච්ඡා පැවැත්වුවා.
The post ඇමති ජී.එල් විදෙස් නියෝජිතයින් පිරිසක් සමඟ සාකච්ඡාවක appeared first on ITN News.
Post a Comment