Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගංවතුර හේතුවෙන් චෙන්නායි නගරයට දැඩි බලපෑම්  

Add comments

ඉන්දියාවේ චෙන්නායි නගරයට බලපා ඇති ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 3000ක් පමණ අවතැන්භාවයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

චෙන්නායි නගරයේ ජලයෙන් යටව ඇති මහා මාර්ගයන්හි රථ වාහන ගමන් කරන ආකාරය මාධ්‍ය වාර්තා කර සිටියා. රාත්‍රිය පුරා ඇද හැලුණු මිලිමීටර් 110 ක වර්ෂාපතනය මෙම ගංවතුර ඇති වීමට හේතු වු බවයි කාලගුණික අංශ සඳහන් කරන්නේ. බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් හට ගැනීම සහ මෝසම් වැසි අධික වර්ෂාපතනයට හේතු වී තිබෙනවා. ඉදිරි දින දෙක තුළ ද අධික වැසි බලාපොරොත්තු විය හැකි බවයි ඉන්දීය කාලගුණික දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. චෙන්නායි නගරය ආශ්‍රිත ඇතැම් ප්‍රදේශයන්හි ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති අතර පවුල් 500ක් පමණ සහන කදවුරු වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා.

 

The post ගංවතුර හේතුවෙන් චෙන්නායි නගරයට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG