කොරෝනා මර්දනය සදහා නාසය මගින් ලබාදිය හැකි ඖෂධයක් නිෂ්පාදනය කිරීමට රුසියාව කටයුතු කර තිබෙනවා.
එහි සායනික පරීක්ෂණ සදහා රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සහභාගි වන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. කොරෝනා මර්දනය සදහා රුසියාව නිෂ්පාදනය කළ ස්පුට්නික් වී එන්නතට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී නැහැ. එම එන්නතෙහි දත්ත සම්බන්ධයෙන් තවදුරටත් ඇගයීම් සිදුකරනු ලබන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
රුසියාව නිෂ්පාදනය කළ නව නිෂ්පාදනයට එරට ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමිවූ පසු හදිසි භාවිතය සදහා යොදා ගැනීමට සූදානම් බවයි පැවසෙන්නේ.
The post නාසයට ලබාදිය හැකි කොරෝනා මර්දන ඖෂධයක් රුසියාවෙන් appeared first on ITN News.
Post a Comment