Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘කොස්ගොඩ රනාගේ’ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් හමුවෙයි  

Add comments

පාතාල කල්ලි සාමාජික කොස්ගොඩ රනාගේ තිස්සමහාරාම නිවසේ තිබී ජීව අත්බෝම්බයක් හමුවී තිබෙනවා.

නිවස ආසන්නයේ හෙළිපෙහෙළි කිරීම්වලදී මෙම ජීව අත්බෝම්බය හමුවී ඇති බවයි පොලීසිය පැවසුවේ. වසරක පමණ කාලයක් තිස්සේ මෙම නිවස වසා දමා ඇති අතර මීට දින කීපයකට ඉහත දී කිසියම් පිරිසක් දොරගුලු කඩා දමා බඩු භාණ්ඩ සොරාගෙන ගොස් තිබුණා.

පසුව ඔහුගේ ඥාතීන් නිවස පිරිසිදු කිරීමට යාමේ දී මෙම ජීව බෝම්බය හමුවුණා.

මේ අතර විශේෂ කාර්ය බලකායේ කත්නලේ කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ දී ටී56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සමග හිස් පතුරම් ගැබක් සන්තයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වැඩිදුර විමර්ශන සදහා ත්‍රිකුණාමලය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

The post ‘කොස්ගොඩ රනාගේ’ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG