කිසිදු විදෙස් සංචාරකයෙකුට අද මධ්‍යම රාත්‍රියේ සිට ඊශ්‍රායලයට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
කොරෝනා වයිරසයේ නව ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදිතයෙකු හමුවීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ඉදිරි දින 14 ක කාලයක් සදහා කිසිදු විදේශිකයෙකුට ඊශ්‍රායලයට ඇතුළුවීමට අවසර හිමිවන්නේ නැහැ. මේ වනවිටත් ලොව රටවල් රැසක් දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කීපයක සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
මේ අතර නව ප්‍රභේදය සොයා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසාදය හිමිවීම වෙනුවට ලොව සෑම රටකින්ම දඩුවම් හිමිව ඇති බවට දකුණු අප්‍රිකාව චෝදනා කරනවා.
The post කිසිදු විදෙස් සංචාරකයෙකුට අද මධ්‍යම රාත්‍රියේ සිට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් appeared first on ITN News.
Post a Comment