Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔස්ට්‍රේලියාවට ඇතුලු වන සියලුම පුද්ගලයින් PCR පරීක්ෂණයට  

Add comments

කොරෝනා වයිරස ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමග ඔස්ට්‍රේලියාවට ඇතුලු වන සියලුම පුද්ගලයින් පීසිආර් පරීක්ෂණයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකා කලාපයේ රටවල් 09 ක පුරවැසියන්ට මේ වනවිටත් ඔස්ට්‍රේලියාවට ඇතුලු වීමට අවසර හිමි වන්නේ නැහැ. ඊයේ දිනයේ දී ඔස්ට්‍රේලියාවට පැමිණි දකුණු  අප්‍රිකා සංචාරකයින් දෙදෙනෙකුට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත වී ඇති බවට තහවුරු වුණා.

ඔවුන් දෙදෙනා පැමිණි ගුවන් යානයේ සිටි අනෙක් සියලුම මගීන් දින 14 ක නිරෝධායන කාලයක් සදහා ආසන්නතම හෝටල්වලට මේ වනවිටත් පිටත් කර හැර තිබෙනවා. එමෙන්ම නව ප්‍ර භේදයේ ව්‍යාප්තිය වැලැක්වීම සදහා පියවර රැසක් ගෙන ඇති බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

 

The post ඔස්ට්‍රේලියාවට ඇතුලු වන සියලුම පුද්ගලයින් PCR පරීක්ෂණයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG