අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ මාතර පොදු සුසාන භූමියේදී ඊයේ තැන්පත්කෙරුණා.
ජනතාවගේ ගෞරවය සදහා භෂ්මාවශේෂ කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත්කර තැබූනු අතර එම ස්ථානයෙන් මාතර බලා රැගෙන යාම ඊයේ සිදුවුණා. පසුව මාතර නූපේ පිහිටි පැරණි ඕලන්ද ගොඩනැගිල්ලේ එම භෂ්මාවශේෂ මහජන ගෞරවය සදහා තැන්පත්කෙරුණු අතර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු ජනතාව අවසන් ගෞරව දැක්වීමට එක්වුණා.
කොවිඩ් ආසාදනය වීමෙන් අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නීතිය යටතේ බොරැල්ල පොදු සුසාන භූමියේදී මීට මාස තුනකට ඉහත දී සිදුකෙරුණා. සංචරණ සීමා සහ නිරෝධායන නීතිහේතුවෙන් මංගල සමරවීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට බොහෝ පිරිසකට නොහැකිවීම හේතුවෙන් පවුලේ ඥාතීන් විසින් මතක මංගල නමින් මෙම වැඩපිළිවෙළ සකස්කර තිබුණා.
මංගල සමරවීර මහතාගේ තෙමස් පූර්ණ පිංකම් බෞද්ධ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් දින කීපයක් පුරා සිදුකිරීමට ද පවුලේ ඥාතීන් පියවර ගත්තා.
The post මතක නිධන් කර මංගල යළි මාතරට appeared first on ITN News.
Post a Comment