දරුවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමා නොකළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
වෛද්‍ය උපාධිය වයස අවුරුදු 22 වන විට සම්පූර්ණ කිරිම හා අනෙකුත් මූලික උපාධි වයස අවුරුදු 20 වන විට සම්පූර්ණ කිරීමට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නියමිත පරිදි විභාග පැවැත්වීම මෙන්ම ප්‍රමාදයකින් තොරව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සිදු වන බව මෙම හමුවේදී අනාවරණය වුණා. ව්‍යාපාරිකයන් ලෙස සළකා වෘත්තිකයන්ගෙන් බදු අය කිරීමේ ක්‍රමය වෙනස් කරන ලෙසට කළ ඉල්ලීමද අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු වුණා. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post දරුවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු පමා නොකළ යුතුයි – අගමැති appeared first on ITN News.
Post a Comment