Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු අප්‍රිකාවම බිය ගැන්වූ කොරෝනාවේ අලුත් විකෘතිය  

Add comments

දරුණු විකෘති සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගෙන තිබෙනවා.

විද්‍යාඥයන් පවසන්නේ මෙම කොවිඩ් ප්‍රභේදය මේ දක්වා පරීක්ෂණවලින් තහවුරු වී ඇති කොවිඩ් ප්‍රභේද අතුරින් දැඩි ලෙස විකෘති වූ ප්‍රභේදය බවයි.

දකුණු අප්‍රිකාවෙන් සොයා ගැණුනු මෙම කොවිඩ් ප්‍රභේදයේ විකෘතිතා රැසක් ඇති බව විද්‍යාඥයින් හදුනාගෙන ඇත්තේ එය බිහිසුණු ප්‍රභේදයක් ලෙස හදුන්වා දෙමින්. මෙම නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නම් කර ඇත්තේ B.1.1.529 ලෙසින්. මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් දකුණු අප්‍රිකාවේ එක් ප්‍රාන්තයකින් පමණක් මේ වන විට හදුනාගෙන ඇතත් එය ව්‍යාප්ත වී ඇද්දැයි විද්‍යාඥයින් සැක පළ කරනවා.

ඉහළ විකෘතිතා ඇති නව ප්‍රභේදය එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අභිබවා යනු ඇති බවයි විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ. පරීක්ෂණ සිදුකරනු ලබන දකුණු අප්‍රිකාවේ වසංගත රෝග මධ්‍යස්ථානය පවසන්නේ මෙම කොවිඩ් ප්‍රභේදය අනෙක් ප්‍රභේදයන්ට වඩා ඉතා වෙනස් අසාමාන්‍ය විකෘතියකින් යුක්ත වන බවයි.

දකුණු අප්‍රිකානුවන් සියයට 24 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති පසුබිමක එරටින් තවදුරටත් කොවිඩ් ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වනවා. නව කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 77 දෙනෙකු දකුණු අප්‍රිකාවෙන් ද සිව් දෙනෙකු බොට්ස්වානා සහ 1 අයෙකු හොංකොං යන රටවලින් ද හදුනාගෙන තිබෙනවා.

 

 

 

 

 

The post දකුණු අප්‍රිකාවම බිය ගැන්වූ කොරෝනාවේ අලුත් විකෘතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG