රට විවෘත වීමත් සමග උඩවලව ඇත් අතුරුසෙවන නැරඹීමට එන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් දෛනික ආදායම ද ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා ව්‍යසනයත් සමග වසා දමා තිබූ උඩවලව ඇත් අතුරු සෙවන සංචාරකයින් සදහා විවෘත කෙරුණා. ඒ සමග එය නැරඹීමට පැමිණෙන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ඇත්අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසනවා. ඒ සමග දෛනික ආදායම ඉහළ ගොස් ඇති අතර ඇත් අතුරු සෙවන නැරඹීමට පැමිණෙන සියලු දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි විජිත පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.
The post උඩවලව ඇත් අතුරුසෙවන නැරඹීමට එන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යයි appeared first on ITN News.
Post a Comment