Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හදිසි භාවිතය සඳහා ඇමරිකාවේ ඛනිජ තෙල් සංචිත නිකුත් කරන බව බයිඩන් කියයි  

Add comments

ඉහළ යන ඉන්ධන මිල පාලනය කිරීමට ඇමරිකාවේ ඛනිජ තෙල් සංචිත හදිසි භාවිතය සදහා නිකුත් කරන බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරනවා.

මෙය ඉතිහාසයේ විශාලතම ඛනිජ තෙල් නිකුත් කිරීම ලෙසයි සැලකෙන්නේ. ඒ යටතේ ඉන්ධන බැරල් මිලියන ගණනක් වෙළෙදපොළට නිකුත් කරනු ඇති. එමෙන්ම ඉන්ධන හා ගෑස් සමාගම් නීති විරෝධි ලෙස මිල ඉහළ දැමීම පාලනය කිරීමට ද අවශ්‍ය කටයුතු ද සිදු කරන බව ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරනවා.

මෙම ඉන්ධන නිකුතුවත් සමග ඇමරිකාවේ උද්ධමනය ඉහළ යාමද පාලනය වනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයින් සදහන් කරන්නේ. මේ අතර තම ඉන්ධන සංචිත හදිසි භාවිතය සදහා චීනය ඉන්දියාව, දකුණු කොරියාව,ජපානය හා බ්‍රිතාන්‍යය ද එකගත්වය පළ කර ඇති බව ධවල මන්දිරය අද නිවේදනය කළා. බොරතෙල් නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්නා ලෙසද ඇමරිකාව ඇතුලු ලෝක බලවතුන් ඔපෙක් සංවිධානයෙන් සිදු කළ ඉල්ලීම ප්‍රතික්ශේප කිරීමෙන් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

 

 

The post හදිසි භාවිතය සඳහා ඇමරිකාවේ ඛනිජ තෙල් සංචිත නිකුත් කරන බව බයිඩන් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG