Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොණරවිල කැප්පෙටිපොල ගුණානුස්මරණ උත්සවය මහනුවරදී  

Add comments

වීර මොණරවිල කැප්පෙටිපොල නිළමෙවරයාගේ ගුණානුස්මරණ උත්සවය මහනුවරදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මීට වසර 203 කට පෙර ඉංග්‍රීසීන් විසින් ඝාතනය කළ මොණරවිල කැප්පෙටිපොල නිළමෙවරයාගේ ගුණානුස්මරණ උත්සවය දළදා මාලිගයේ මහ මළුවේ පිහිටි ස්මාරකය අභියස දී පැවැත්වුණා. කැප්පෙටිපොල නිළමෙවරයා ඝාතනය කිරීමෙන් පසු එංගලන්තයේ සගවා තිබූ හිස්කබල මහනුවරට ගෙනැවිත් මහ මළුවේ තැන්පත්කර තිබෙනවා.

කැප්පෙටිපොල ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම ද සිදුකෙරුණා. ජාතික උරුමයන්, ප්‍රසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා දළදා මාලිගය එක්වයි මෙය සංවිධාන කළේ. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිත, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී යන ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩමකර සිටියා.

 

 

The post මොණරවිල කැප්පෙටිපොල ගුණානුස්මරණ උත්සවය මහනුවරදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG