මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නීතිවිරෝධී වැලි කැනීමක් සිදුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නාවික හමුදාව නිවේදනය කරනවා.
මෙම අසත්‍ය වාර්තා සදහා මුල්වූ ටග් යාත්‍රාව සහ බත්තල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බංග්ලාදේශයේ චිතගොන් දක්වා හුනුගල් ප්‍රවාහනය කරමින් තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ. ගමනාන්තය දක්වා වූ ගමන් මාර්ගය අතරතුරදී ටග් යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන සහ වෙනත් පහසුකම් ලබා ගැනීම සදහා ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණීමට නියමිතව තිබුණා. එහෙත් මුහුදේ පැවති රළු ස්වභාවය නිසා ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වූ වෙරළාසන්න මුහුදු තීරයේ ආරක්ෂිතව නැංගුරම්ලෑමට එහි කාර්ය මණ්ඩලය කටයුතුකර තිබෙනවා. ඇතැම් පිරිස් මෙය වරදවා වටහාගනිමින් අසත්‍ය ප්‍රචාර ගෙනයන බවයි නාවික හමුදාව පැවසුවේ.
The post මඩකලපු මුහුදේ වැලි කැනීමක් සිදුවන බවට වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි appeared first on ITN News.
Post a Comment