Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි  

Add comments

වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (24) පස්වරුවේ කටයුතු කළා.

මේ අතර රජයේ වෛද්‍ය සංගමයේ  ගැටලු පිළිබද සලකා බලා ඇතැම් කරුණුවලට සාධනීය පිළිතුරක් ලබා දීමට කටයුතු කළ බවත්, තවත් කරුණු කිහිපයකට විරුද්ධතාවය පළකල බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

නීත්‍යානුකූල වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව සීමාවාසික විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු කාරණා 7ක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය දින 4ක් පුරා පැවැත්වුණා. ඔවුන්ගේ ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර ඇති යෝජනාවලි පිළිබද මධ්‍යම කාරක සභා රැස්වීමේදී අද ඇගයීමට ලක්කිරීමෙන් පසුවයි මෙම වැඩවර්ජන ක්‍රියාදාමය තාවකාලිකව අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළේ.

අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සහ එළඹෙන උත්සව සමය හේතුවෙන් මෙම වැඩ වර්ජන ක්‍රියාදාමය තාවකාලිකව අවසන් කිරීමට කටයුතු කරන බව අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.

කෙසේ වෙතත් අද දිනයේද වර්ජනය හේතුවෙන් රෝහල්වලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි පීඩාවට ලක්වුණා.

මේ අතර සීමා වාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් තමන් දේශපාලන අතපෙවීම් සිදුකරන බව ඔප්පු කළ හොත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ.

 

The post වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG