Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔමික්‍රෝන් යුරෝපයේ සෞඛ්‍යයම බිඳ දමන ලකුණු  

Add comments

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් යුරෝපයේ සෞඛ්‍ය පද්ධතිය බිද වැටීමේ දැඩි අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ඊශ්‍රායලය ද වයිරසයට එරෙහි එන්නතේ හතරවන මාත්‍රාව ලබාදීමට සුදානමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

ඉදිරි සති කිහිපය ඇතුළත යුරෝපයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අපේක්ෂිත මට්ටම් ඉක්මවා යමින් වාර්තා විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඒ සදහා සියලු රටවල් සූදානම් විය යුතු බවද එම සංවිධානය නිවේදනය කරනවා. මේ වන විටත් යුරෝපා කලාපයේ රටවල් රැසක් පනවා ඇති නිරෝධායන නීති දැඩි කර තිබෙනවා. නත්තල් දිනයෙන් පසු පැවැත්වෙන සියලුම සාද සදහා සහභාගී විය හැකි පිරිස අවම කිරීමට ජර්මනිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ලබන 26 වන දින සිට පෘතුගාලයේ මත්පැන් අලෙවිසැල් හා රාත්‍රි සමාජ ශාලා වසා දැමිමට නියෝග කර තිබෙනවා.

 

The post ඔමික්‍රෝන් යුරෝපයේ සෞඛ්‍යයම බිඳ දමන ලකුණු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG