එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය බලා පිටත්වීමට පැමිණි ගුවන් මගීන් හත් දෙනෙකු සතුව තිබී ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ විදේශ මුදල් තොගයක් කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී සොයාගෙන තිබෙනවා.
අද උදෑසන ඩුබායි නගරය බලා පිටත්ව යාමට පැමිණි මෙම ගුවන් මගීන් හත්දෙනා ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශය මගින් පරීක්ෂාකර තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල් මිලියන 65 කට වැඩි මුදලක් මෙලෙස සූක්ෂමව සගවා රටින් පිටතට ගෙනයාමට උත්සාහ කර තිබූ බවයි ශ්‍රී ලංකා රේගුව සදහන් කළේ.
ඇමෙරිකා ඩොලර්, යුරෝ සහ ස්ටර්ලින් පවුම් යන මුදල් ඒකකවලට අයත් මුදල් මෙලෙස රහසිගතව රැගෙන යාමට උත්සාහකර තිබුණා.
The post විදේශ මුදල් තොගයක් සමඟ හත් දෙනෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment