අමෙරිකා ඩොලර් මිලියන 30 ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ බැංකොක්හි රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බැංකොක් සිට ඔස්ට්‍රේලියාව බලා ගමන් ගනිමින් සිටි නෞකාවක තිබූ බොක්සිං ක්‍රීඩාව සදහා යොදාගන්නා උපකරණ කට්ටල තුළ මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගය සගවා තිබුණා. රේගු නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව කරන ලද වැටලීමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා.
බොක්සිං ක්‍රීඩාව සදහා යොදා ගනු ලබන පන්චින් බෑග් 10 ක් තුළ සූක්ෂ්මව මත්ද්‍රව්‍ය සගවා තිබූ බවයි පැවසෙන්නේ. තායිලන්ත සහ ඔස්ට්‍රේලියා බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
The post නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් බැංකොක් රේගුව අත්අඩංගුවට ගනී appeared first on ITN News.
Post a Comment