දියතලාව, ගාඩන් සිටි ප්රදේශයෙන් සැකකටයුතු ආයුධ වර්ග කීපයක් පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා. බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුවයි දියතලාව පොලීසිය සෝදිසි මෙහෙයුම ක්රියාත්මක කර තිබුණේ.
මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සුනඛයින් යොදවා ආයුධ සොයාගත් නිවස තවදුරටත් සෝදිසිකර තිබෙනවා. උදෑසන ආරම්භ වූ සෝදිසි මෙහෙයුම් පස්වරුව දක්වා පැවති බවයි පොලීසිය පවසන්නේ.
ටී 56 උණ්ඩ 148 ක්, මෝටාර් බෝම්බයක්, අත්බෝම්බ දෙකක්, ආර්පීජී උණ්ඩයක් ඇතුළු තවත් ආයුධ කීපයක් මෙහිදී සොයාගෙන තිබුණා. බෝම්බ කීපයක් දියතලාව කෑලෑබද ප්රදේශයේ දී විශේෂ කාර්ය බලකාය මගින් නිශ්ක්රීය කළ බවයි පොලීසිය පවසන්නේ. 51 හැවිරිදි නිවෙස් හිමියා සහ ඔහුගේ ඉරාක ජාතික බිරිද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post දියතලාව, ගාඩන් සිටි ප්රදේශයෙන් ආයුධ වර්ග කීපයක් සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment