කොවිඩ් 19 තත්ත්වය තවමත් සෑම සතියකම ගෝලීය වශයෙන් ජීවිත පනස් දහසක් පමණ බිලි ගනිමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ස්විට්සර්ලන්තයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ගේබ්‍රියේසස් මේ බව ප්‍රකාශ කළා. එන්නත් සාධාරණව ලොව පුරා බෙදී යා යුතු බව නැවතත් මෙහිදි ඔහු අවධාරණය කර සිටියා.
අසමාන ලෙස එන්නත් බෙදීයාමෙන් බොහෝ ජීවිත අහිමි වී ඇති බවයි ඔහු පවසා සිටින්නේ. මිලියන 3.5 ක ජනතාවක් 2021 වසරේදී කොවිඩ් 19 හේතුවෙන් ලොවට අහිමි වී ගිය බව ද ඔහු පෙන්වා දුන්නා. වසංගතය ආරම්භයේ සිට මේ වන විට ගෝලීය වශයෙන් මිලියන 5.3 කට වැඩි පිරිසක් කොවිඩ් මාරයාට ගොදුරු වුණ බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දුන්නා. මෙම තත්ත්වය 2022 වසරේ අවසානය දක්වා පැවතෙනු ඇති බවයි ඔහු පවසන්නේ.
The post එන්නත් සාධාරණව ලොව පුරා බෙදී යා යුතුයි – ලෝක සෞඛ්‍ය සංවිධානය appeared first on ITN News.
Post a Comment