මියන්මාරයේ පතල් ආශ්රිත ප්‍රදේශයක සිදුවූ නායයාමකින් සියයකට අධික පිරිසක් අතුරුදන්ව තිබෙනවා.
මියන්මාරයේ උතුරුදිග ප්‍රදේශයේ හැපකාන්ට් නගරයේ නීතිවිරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගිය පතලක් ආශ්‍රිතව මෙම නායයාම සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ සියයකට අධික පිරිසක් සේවයේ නිරතව සිට ඇති බවයි පැවසෙන්නේ.
එක් පුද්ගලයෙකු මියගිය බවට සනාථවී ඇති අතර 25 දෙනෙකු මුදාගැනීමට හැකිව තිබෙනවා. තවදුරටත් අතුරුදන්වූවන් සොයා සහන මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. අවසර පතල් කැනීම් තහනම් කර තිබුණ ද කොරෝනා වයිරස් ව්‍යාප්තිය මධ්‍යයේ පවතින දුෂ්කරතා හේතුවෙන් එම තහනම නොතකා බොහෝ පිරිස් නීතිවිරෝධී පතල් කැනීම්වල නිරතවනවා.
The post මියන්මාරයේ පතල් ආශ්රිත ප්‍රදේශයක සිදුවූ නායයාමකින් සියයකට අධික පිරිසක් අතුරුදන් appeared first on ITN News.
Post a Comment