චීන රතු කුරුස සංවිධානය ඇෆ්ගනිස්ථාන රතු අඩසඳ සමාජයට සහනාධාර ද්‍රව්‍ය පරිත්‍යාග කරයි.
එම සහනාධාර ද්‍රව්‍ය භාර දීමේ උත්සවය ඊයේ(21) ඇෆ්ගනිස්ථාන රතු අඩසඳ සමාජයේ මූලස්ථානයේ දී පැවැත්විණ. ඇෆ්ගනිස්ථානයේ
චීන තානාපති Wang Yu මහතා හා ඇෆ්ගනිස්ථාන රතු අඩසඳ සමාජයේ සභාපති Harris මහතා ඊට සහභාගී වෙමින් ද්‍රව්‍ය භාර දීමේ සහතික පත්‍රයට අත්සන් තැබූහ. වෛද්‍ය, ජන ජීවිත හා අධ්‍යාපන ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහනාධාර ද්‍රව්‍ය මෙවර සහන ද්‍රව්‍ය වලට ඇතුළත් වන බව චීන තානාපති Wang Yu මහතා එහිදී පැවසීය.
ශීත ඍතු සමයේ බොහෝ ඇෆ්ගනිස්ථාන ජාතිකයෝ බරපතල ජීවත්වීමේ අභියෝගයකට මුහුණ දෙමින් සිටිති. මෙම ද්‍රව්‍ය ඔස්සේ ඇෆ්ගනිස්ථාන ජනතාවගේ අසීරුතාවන් සමනය කිරීමට උපකාරී වනු ඇති බවට හෙතෙම බලාපොරොත්තු පළ කළේය.
චීනය ලබා දුන් සහය පිළිබඳ ඇෆ්ගනිස්ථාන රතු අඩසඳ සමාජයේ සභාපති Harris මහතා ස්තුතිය පළ කළේය. මෑතකදී චීනය ඇෆ්ගනිස්ථානයට විවිධ සහනාධාර ලබා දෙමින් වෙළඳාම වර්ධනය කිරීමෙන් ඇෆ්ගනිස්ථාන ආර්ථික පුනරුත්ථාපනය හා වර්ධනයට අනුබල දෙන බව හෙතෙම කියා සිටියේය. චීනය සමග දිගුකාලීනව මිත්‍රශීලි සබඳතාව පවතිමින් දෙරටේ මිතුදම වර්ධනය කර ගැනීමට
ඇෆ්ගනිස්ථානය බලාපොරොත්තු පළ කරන බව හෙතෙම අවධාරණය කළේය.
The post චීන රතු කුරුස සංවිධානයෙන් ඇෆ්ගනිස්ථාන රතු අඩසඳ සමාජයට සහනාධාර appeared first on ITN News.
Post a Comment