Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Feb 28

මහා ශිව රාත්‍රී දිනය අදයි  

0 comments

මහා ශිව රාත්‍රී දිනය අදට යෙදි තිබෙනවා. ශිව දෙවියන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත්වල නිරත වීමට  හින්දු බැතිමතුන් අද දිනයේ කටයුතු කරනවා. ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව සමරනු ලබන ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබෙනවා. හින්දු දහමට අනුව දෙවියන් අතර බලවත්ම දෙවියා ලෙස සැලකෙන ශිව දිවයින් තම බල පරාක්‍රමය ලොවට විදහා දැක්වූ දිනය ලෙසයි...
Read More »

Feb 28

සෞභාග්‍යයේ දැක්මට අනුව වගා හානි නිසා පීඩාවට පත් ගොවීන්ට වන්දි  

0 comments

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව රටේ ගොවි ජනතාව වෙනුවෙන් මේවන විට රජය සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. පසුගිය මහකන්නයේ බීජ වගාකොට කාලගුණික තත්ත්වය හේතුවෙන් හා අලි ඇතුන් ගොවි බිම්වලට කළ හානි නිසා පීඩාවට පත්ව සිටින ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය කිරීම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත සිදු කෙරෙනවා. මඩකලපුව ප්‍රදේශයේ...
Read More »

Feb 28

ගෝලීය වශයෙන් ප්‍රශස්ත ආයෝජන වේදිකාවක් ලෙස චීනයේ ශක්‍යතා තවදුරටත් තහවුරු වෙයි  

0 comments

චීන ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශය ඊයේ (28) ‘2021 වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සංඛ්‍යා ලේඛන නිවේදනය’ නිකුත් කළේය. ගත වූ වසර තුළ දෙස්-විදෙස් අභියෝග රැසක් ජය ගනිමින් චීන ආර්ථිකය 8.1%ක වර්ධනයක් සාක්ෂාත් කර තිබේ. ඒක  පුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 8%ක වර්ධනයකට ළඟා වී ඇත. ‍ගෝලීය දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස චීනයේ මෙවැනි ජයග්‍රහණ යළි...
Read More »

Feb 28

සාම සාකච්ඡා අතරතුරදී යුක්රේනයේ නගර කිහිපයකට රුසියාවෙන් ප්‍රහාර  

0 comments

යුක්රේන රුසියා සාම සාකච්ඡා අතර තුරදී ද යුක්රේනයේ කියෙව්, කාකයිෆ් හා කාසන් යන නගර ඉලක්ක කරගනිමින් රුසියා හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළා. යුක්රේනයේ කියෙව් නගරයට ඇතුළු වීම සදහා රුසියා සන්නද්ධ රථ පෙලක් සූදානම් වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප මගින් දැක්වුණේ එම සන්නද්ධ රථ පෙල කිලෝමීටර් 40 ක...
Read More »

Feb 28

යුක්රේන  – රුසියා බලධාරීන් අතර පැවති සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්  

0 comments

පැය 05 කට අධික කාලයක් පුරා යුක්රේන  – රුසියා බලධාරීන් අතර ඊයේ බෙලරුස් රාජ්‍යයේ ගෝමේල් නගරයේදී පැවති සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුණා. කෙසේ වුවද ඉදිරි දින කිහිපය තුළදී දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කරන බවයි රුසියාව නිවේදනය කරන්නේ. රුසියාව යුක්රේනය ආක්‍රමණය කර දින 05 ක් ගතවන ඊයේ දිනයේදී දෙරටේ  බලධාරීන් අතර සාම සාකච්ඡා...
Read More »

Feb 28

යුක්රේනයට දරුණු ප්‍රහාරයක් දී සාම කතාවකට පුටින් එකඟ වෙයි  

0 comments

යුධ ගැටුම් නවතා යුරෝපා කලාපයට සාමය ගෙන ඒම සදහා රුසියා යුක්රේන බලධාරීන් අතර සාම සාකච්ඡා අද ආරම්භ වුණා. යුක්රේන,  බෙලරූස් දේශසීමා ආසන්නයේදී මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. සාකච්ඡා මේ වනවිටත් පැවැත්වෙන අතර අවි බිම තබා සටන් විරාමයකට එළඹෙන ලෙසයි යුක්රේනය මෙහිදී රුසියාවෙන් ඉල්ලා ඇත්තේ. රුසියාවේ යුක්රේන ආක්‍රමණයට අදට...
Read More »

Feb 28

යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය  

0 comments

රුසියානු හා යුක්රේන ගැටුම හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව සිටින යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. දැනටමත් මේ පිළිබදව විදේශ කටයුතු අමාත්‍යාංශය ආගමන විගමන දෙපාර්කමේන්තුව සමග සාකච්ඡාකරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි. සංචාරකයන් සදහා වීසා ලබා දෙන්නේ අවම මාසයක කාපයකට බැවින්...
Read More »

Feb 28

පසුගිය සතියේ රිය අනතුරු 43කින් 44ක් මරුට  

0 comments

පසුගිය සතිය තුළ දිවයිනේ මාර්ග රිය අනතුරු 43 ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නිහාල් තල්දූව පවසනවා. එම අනතුරුවලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තිබෙන බවයි තල්දූව මහතා කියාසිටින්නේ. පසුගිය මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 457 දෙනෙකු මියගොස් තිබෙනවා. බරපතල තුවාල සිදුවූ රිය අනතුරු 120 ක්,  සුලු...
Read More »

Feb 28

පෞද්ගලික බස් ධාවනය ඇණහිටියොත් මගී පහසුවට ලංගම සූදානමින්  

0 comments

මේ අතර ඇතැම් ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන නොමැතිවීමෙන් අද දිනයේ දී බස් ධාවනය සීමාකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කලා. මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ පොදු ප්‍රවාහන සේවා සදහා ඉන්ධන ලබා දීමේ දී ප්‍රමුඛතාව ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් මගී ජනතාවට ප්‍රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය සදහා එක් කර ඇති බව...
Read More »

Feb 27

අද කොරෝනා මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරයි  

0 comments

අද කොරෝනා ආසාදිත මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.   The post අද කොරෝනා මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරයි appeared first on ITN News...
Read More »

Feb 27

ඉදිරි පැය 24 තම රටට ඉතාමත් තීරණාත්මක බව යුක්රේන ජනපති කියයි  

0 comments

ඉදිරි පැය 24 තම රටට ඉතාමත් තීරණාත්මක බව යුක්රේන ජනාධිපති සෙලන්කි සදහන් කරනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමග පැවති දුරකතන සංවාදයක් අතරතුරදීයි යුක්රේන ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ. යුක්රේනයේ නගර රැසක් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන රුසියා මිසයිල ප්‍රහාර දැඩි කිරීමට රුසියා හමුදාව පියවර ගෙන තිබෙනවා. ඊයේ එල්ල වූ ප්‍රහාරවලින් ...
Read More »

Feb 27

කොළඹ ජම්පටාර් වීදියේ ගබඩාවක් තුළ ගින්නක්  

0 comments

ජම්පටා වීදිය ප්‍රදේශයේ ට්‍රැක්ටර් උපාංග සහ අමතර කොටස් ගබඩා කර තිබූ ස්ථානයක අද දහවල් ගින්නක් ඇති වුණා. එම ගබඩාව සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශවී ඇති බවයි වාර්තා වන්නේ. ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා. ගින්න හේතුවෙන් අසල නිවාස කිහිපයකට බලපෑම් ඇති වුණා. කෙසේ වෙතත් අවට නිවාස හා ආයතන වලට ගින්න පැතිරීම වළක්වා...
Read More »

Feb 27

ඉතාලියෙන් රුමේනියාවට ප්‍රහාරක ගුවන් යානා 4 ක්  

0 comments

රුමේනියාවේ ආරක්ෂාව තර කිරීමට ඉතාලි ප්‍රහාරක ගුවන් යානා 4 ක් ලබාදීමට ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත්තා. රුසියා යුක්රේන යුද ගැටුම් උත්සන්නවීමත් සමගයි ඉතාලිය මෙම තීරණය ගෙන ඇත්තේ. මේ වනවිටත් රුමේනියාවේ ඉතාලි ප්‍රහාරක ගුවන් යානා 4 ක් සේවයට යොදවා තිබෙනවා. එමෙන්ම නේටෝ සංවිධානය ශක්තිමත් කිරීමට යුද සෙබලුන් 3,400 ක් ලබාදීමට සූදානම් බවයි ඉතාලිය...
Read More »

Feb 27

දුර්වලයි කියා දරුවන් කොන්කරන්න එපා – ඇමති ඩලස්ගෙන් ඉල්ලීමක්  

0 comments

විභාගවලදී උසස් සාමාර්ථ පමණක් ලබාගන්නා දරුවන් අගයන අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට තමා අධ්‍යාපන ඇමතිධුරය දැරූ කාලයේදී ගත් තීන්දු ක්‍රියාත්මක වන තුරු අපේක්ෂාවෙන් බලා සිටින බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ලේනසි අපරැක්ක ලියනගම දැරිය රචනා කළ සිරිමල් හා කුරුලුපැටියා කෘතිය එළිදැක්වීමේ...
Read More »

Feb 27

අධිවේගයේ අනාරක්ෂිතව රැඟුම් පෑ කාන්තාව (video)  

0 comments

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් අධි සුඛෝපභෝගී මෝටර් රථයක වහළය කොටසින් එළියට පැමිණි  කාන්තාවක් පිළිබද වාර්තා වුණා. අධිවේගී මාර්ගයේ නීතිය උල්ලංඝනය කරමින් ගමන් ගත් මෙම කාන්තාව ඊට පසුපසින් පැමිණි පුද්ගලයෙකුගේ ජංගම දුරකතනය මගින් වීඩියෝ ගතකර තිබෙනවා. කළුතර සහ අලුත්ගම අධිවේගී මාර්ග කොටසේදී ඊයේ පස්වරුවේයි මෙම සිද්ධිය සිදුව ඇත්තේ. මේ ආකාරයෙන්...
Read More »

Feb 26

ජනතාවට හදවතට දැනෙන රටක් උරුම කරදීමට රජයට හැකියාව තියෙනවා  

0 comments

ජනතාවගේ හදවතට දැනෙන රටක් උරුම කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සෞභාගයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නිරවුල් රන් බිම ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ ජාතික මහෝත්සවයට ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී අද එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ. The post ජනතාවට හදවතට දැනෙන රටක් උරුම කරදීමට රජයට හැකියාව...
Read More »

Feb 26

එන්නත නිසා විනාශයක් වැළකුණු හැටි ජනපති ලොවටම කියයි  

0 comments

රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කර ගැනීමට හැකිවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ පැවති වැඩසටහනකට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ. සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ...
Read More »

Feb 26

සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ අවසන් කටයුතු පස්වරුවේ  

0 comments

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදුකෙරෙනවා. කොළඹ යුගයේ විශිෂ්ඨතම කවියෙකු වූ මීමන ප්‍රේමතිලකයන්ට දාව 1944 වසරේ මැයි මස 12  වනදා මෙලොව එළිය දුටු සුනිල් මාධව ප්‍රේමතිලක හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් තම මූලික අධ්‍යාපනය ලබනවා. පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන්...
Read More »

Feb 26

චීනය මානව හිමිකම් සංවර්ධන මාවතට ස්ථිර ලෙස අනුගත විය යුතුයි – චීන ජනපති  

0 comments

චීනයේ මානව හිමිකම් සංවර්ධන මාවතට ස්ථිර ලෙස අනුගත විය යුතු බව චීන කොමිනියුස්ට් පක්ෂ මහ ලේකම් හා ජනාධිපති ෂී ජින්පිං මහතා පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ කණ්ඩායම් අධ්‍යයන සැසිය අමතමින් අවධාරණය කරයි. නවීන සමාජවාදී චීනයක් පූර්ණ ලෙස ගොඩ නැගීම සඳහා රට නව ගමනක් ආරම්භ කර තිබේ. ඒ‍  හේතුවෙන් මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු කිරීමට, ගරු...
Read More »

Feb 26

සති අන්තයේ රාත‍්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නැහැ  

0 comments

හෙටින් ඇරඹෙන සති අන්තයේ රාත‍්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නැති බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා. හෙට දිනයේදී උදෑසන 8.30ත් සවස 5.30ත් අතර කාලය තුළ පැය 3.00ක කාලයක් ඒ බී සී කලාපවලට විදුලිය විසන්ධි වනු ඇති. සෙසු කලාපවලට උදෑසන 8.30ත් සවස 5.30ත් අතර කාලය තුල පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට එම කොමිසන් සභාව ලංකා විදුලි...
Read More »

Feb 26

රුසියානු ජනපතිට සහ එරට විදේශ අමාත්‍යවරයාට සම්බාධක පැනවීමට බටහිර රටවල් තීරණය කරයි  

0 comments

යුක්රේන  ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ එරට විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ වෙත සම්බාධක පැනවීමට බටහිර රටවල් තීරණය කර තිබෙනවා. ඇමෙරිකාවේ යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය සහ කැනඩාවේ පවතින ඔවුන්ගේ වත්කම් තහනම් කෙරෙන අතර එම රටවල සංචාරය කිරීම ද තහනම් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. මේඅතර යුරෝපීය චැම්පියන්ස් ලීග් පාපන්දු...
Read More »

Feb 25

දෙමෝදරදී ත්‍රීරෝද රථ දෙකක් ගැටෙයි  

0 comments

දෙමෝදර, උඩුනුවර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රියේ යි මෙම අනතුර සිදුව තිබෙන්නේ. බදුල්ල දෙස සිට පැමිණි එක් ත්‍රිරෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය අසල තිබූ ආරක්ෂිත බැම්මක වැදී පෙරලී ගොස් තිබෙනවා. එම මොහොතේම මාර්ගයේ අනෙක් පසින් පැමිණි අනෙක් ත්‍රිරෝද රථයේ මෙම ත්‍රිරෝද රථය...
Read More »

Feb 25

චීන-රුසියා ජනාධිපතිවරු දුරකථන සාකච්ඡාවක් පවත්වයි  

0 comments

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ඊයේ එමසාකච්ඡාවපැවැත්වූහ.  වත්මන් යුක්රේන තත්වය පිළිබඳ   දෙපාර්ශ්වය අදහස් හුව හුවමාරු කරගත්හ. ඇමරිකාව හා NATO සංවිධානය දිගුකාලීනව රුසියාවේ සාධාරණ ආරක්ෂක අවධානය නොතකා අඛණ්ඩව නැගෙනහිර දිශාවේ යුධ පහසුකම් සැකසීම  ප්‍රවර්ධනය කිරීම රුසියාවේ උපායමාර්ගික උපරිම ...
Read More »

Feb 25

කිරිපිටි නිෂ්පාදන ආයතනයක අලෙවිකරුවෙකු බව පවසමින් වංචනිකව මුදල් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි නිෂ්පාදන ආයතනයක අලෙවිකරුවෙකු බව පවසමින් වංචනික ලෙස මුදල් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. කිරිපිටි නිෂ්පාදන ආයතනයක අලෙවිකරුවෙකු බව පවසමින් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ගොස් මෙම පුද්ගලයා මුදල් ලබාගන්නා බවයි හෙළිවී ඇත්තේ. මාරවිල මූලික රෝහලට පැමිණ ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර...
Read More »

Feb 25

රුසියානු ප්‍රහාර හමුවේ දහස් ගණනක යුක්‍රේන වැසියන් මධ්‍යම යුරෝපයට සංක්‍රමණය වෙයි  

0 comments

රුසියානු ප්‍රහාර හමුවේ දහස් ගණනක යුක්‍රේන වැසියන් මධ්‍යම යුරෝපීය රටවල් දෙසට සංක්‍රමණය වීම ආරම්භ වී තිබෙනවා. දකුණු පෝලන්තයේ දේශසීමා ආසන්නයේ යුක්‍රේන ජාතිකයින් විශාල පිරිසක් රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙලෙස යුරෝපීය රටවල් වෙත ඇතුළුවන පිරිස් සිය රටට පිලිගැනීමට සහ මානුෂීය ආධාර ලබා දීමට සූදානම් බව හංගේරියානු රජය මේ වන විටත්...
Read More »

Feb 25

ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය වාර්තාකරු ඒ.ලියනගේ මහතා අභාවප්‍රාප්ත වෙයි  

0 comments

ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු (ඒ.ලියනගේ) මහතා අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 79 වන වියෙහි පසුවුණා. වසර 50කට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටි ඒ මහතා ස්වාධීන රූපවාහිනියේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් වසර 20කට අධික කාලයක් සේවය කළා.  දෙදරු පියෙකු වන ඒ මහතාගේ වැඩිමල් පුත් සුජිත් පණ්ඩුක ලියනගේ 30වසරක යුද්ධය නිමා කිරීමට...
Read More »

Feb 25

පළමු තරගයේ ජය ඉන්දියාවට  

0 comments

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ලක්නව් හි පැවති පළවන 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ජය හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දිය  කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 199ක් රැස් කළා. ඉන්දියාව  ලබා දුන් ලකුණු 200 ක දැවැන්ත ඉලක්කය හමුවේ අඩපණ වූ ශ්‍රි ලංකා පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ ලකුණු 137...
Read More »

Feb 24

අද කොරෝනා මරණ 30යි  

0 comments

තවත් කොරෝනා ආසාදිත මරණ 30ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. The post අද කොරෝනා මරණ 30යි appeared first on ITN News...
Read More »

Feb 23

ගොවි ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා – කෘෂිකර්ම ඇමති  

0 comments

පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයට සහභාගී වූ ගොවි මහතුන්ගේ ඉල්ලීම් පිළිබද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ විශේෂ අවධානයට ලක්ව තිබෙනවා. එම ගොවිමහතුන් සමග විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. කාබනිකගොවිතැන හේතුවෙන් අස්වැන්නේ අඩුවීමක් සිදුවූ ගොවින් වෙත නිශ්චිත වන්දි මුදලක් ලබාදීම, ...
Read More »

Feb 23

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට  

0 comments

මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02 සමඟ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු, ඊයේ (23 ) දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් විසින් උතුරු මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට...
Read More »

Feb 23

යුක්රේනයේ මරියුපෝල් වරාය නගරයේ පිපිරීම් කිහිපයක්  

0 comments

යුක්රේනයේ මරියුපෝල් වරාය නගරයේ පිපිරීම් කිහිපයක් සිදුව තිබෙනවා. අද අලුයම මෙම පිපිරීම් මාලාව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර යුක්රේනය විසින් එරට තුළ හදිසි තත්ත්වයක් ද පැනවීමට කටයුතු කර තිබෙනවා. ඉදිරි දින 30 ක කාලය සදහා එරට තුළ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීම සඳහා අද රැස්වූ යුක්රේන ආරක්ෂක කවුන්සිලය අනුමැතිය ලබාදී ඇති බවයි...
Read More »

Feb 23

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

0 comments

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ අකුරල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වුණා. මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පසු පසින් පැමිණි වාහනයක ගැටීමත් සමඟ විසිරී ගොස් තිබෙනවා. බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මෙම වාහනය අනතුරෙන් පසු පලා ගොස් ඇති අතර එය සොයා අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ සිදු...
Read More »

Feb 23

යුක්රේනය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි  

0 comments

යුක්රේනයට මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉදිරි දින 30 ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යුක්රේන ආරක්ෂක කවුන්සිලය අනුමැතිය ලබා දී තිබෙනවා. රුසියාවේ ජීවත් වන යුක්රේන පුරවැසියන්ට එරටින් පිටවන ලෙසද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන්නේ රුසියාව මේ වන විටත් යුක්රේනය...
Read More »

Feb 23

රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතුමයි – ජනපති  

0 comments

රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. රාජ්‍ය සේවකයින්ගෙන් බහුතරය වැඩකිරීමට කැමති බවත් අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස්දීම හා දිරිගැන්වීම බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. රජයේ ඉදිරි සැලසුම් පිළිබදව දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ හමුවක්...
Read More »

Feb 22

ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජගත් වැල්ලවත්ත පත් කෙරේ  

0 comments

ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජගත් වැල්ලවත්ත පත්ව සිටිනවා. නව තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත ඉතාලියේ ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීම පසුගියදා සිදුවුණා. අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව වැල්ලවත්ත මහතා ඉතාලි ජනාධිපතිවරයාට හා එම රජයට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ...
Read More »

Feb 22

මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක්  

0 comments

දැනට ක්‍රියාත්මක ඡන්ද නාමලේඛන ප්‍රතිෂෝධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවක් කැදවා තිබෙනවා. මේ වනවිට සාකච්ඡාව පැවැත්වෙන බවයි අප වාර්තාකරු  පවසන්නේ. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර මේ වසරේ පැවැත්වෙන පළමු හමුව ද මෙය වනවා. ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයේ...
Read More »

Feb 22

රිය අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට  

0 comments

අද අලුයම අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ දෙහිඕවිට දී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම අවිස්සාවේල්ල දෙසට ධාවනය කළ ටිපර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. මියගිය පුද්ගලයා යටියන්තොට පොළටගම ප්‍රදේශයේ...
Read More »

Feb 22

ශ්‍රී ලංකා – පකිස්ථාන නාවික හමුදාපතිවරුන් අතර හමුවක්  

0 comments

නිළ සංචාරයක් සඳහා පකිස්ථානය වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න  පකිස්ථාන නාවික හමුදා මූලස්ථානයේදී එරට නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි (M Amjad Khan Niazi) හමුවී තිබෙනවා. පකිස්තානු නාවික හමුදා ප්‍රධානී ගේ ආරාධනයකට අනුව නිල සංචාරයක් සඳහා පසුගිය (21) වන දින නාවික හමුදාපති...
Read More »

Feb 22

මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණයට පරිසර අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 100ක්  

0 comments

මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණය සඳහා රජය විසින් ආරම්භ කර ඇති සංරක්ෂණ වැඩ පිළිවෙළට පරිසර අමාත්‍යාංශය විසින් මෙම වසර සඳහා රුපියල් මිලියන 100ක් ලබා දීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. හෙක්ටෙයාර් 6236කින් සමන්විත මුතුරාජවෙළ තෙත් බිම හෙක්ටෙයාර් 3168ක් මීගමුව කළපුව දක්වාත්, හෙක්ටෙයාර් 3068ක් වගුරුබිමකින් ද සමන්විතය. මුතුරාජවෙළ...
Read More »

Feb 22

ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඉහළට  

0 comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 224 කින් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ දහසය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,658 ක්. ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 158,507 හමුව ඇත්තේ ජර්මනියෙන්. එමෙන්ම රුසියාවෙන් 135,000...
Read More »

Feb 22

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් දුම්වැටි හයදහසක් පමණ මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු පනස් දෙහැවිරිදි ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කදවුරට...
Read More »

Feb 21

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වෙනිදා  

0 comments

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වන දින පැවැත්වීමට දින නියමකර තිබෙනවා. රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුරදී පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ යෝජනාවකට අනුවයි මෙම සමුළුව පැවැත්වෙන්නේ. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හා රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා...
Read More »

Feb 21

යුක්රේනයේ ශ්‍රී ලාංකික සිසුන් ගැන විදේශ අමාත්‍යාංශය විමසිල්ලෙන්  

0 comments

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික දරුවන් සමග සමීප සබදතා පවත්වමින් ඉදිරි කටයුතු පිළිබද සොයා බලන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. යුක්රේනය හා රුසියාව අතර හටගෙන ඇති මතභේදාත්මක ගැටුම් හා රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පවතින හැකියාව පිළිබද තොරතුරු ලබාගනිමින් එහි සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබද දැඩි අවධානයෙන් කටයුතු කරන බවයි නිවේදනයක්...
Read More »

Feb 21

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 65 ඉක්මවයි  

0 comments

මෙරට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 65 සීමාව ඉක්මවා ගොස් තිඛෙනවා. එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු මාර්ත්‍රාව එක්කෝටි හැට අට ලක්ෂ පනස් පන්දහස් තුන්සිය පනස් නව දෙනෙකු ලබා ගෙන තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව එක්කෝටි හතලිස් ලක්ෂ අනූ එක් දහස් පන්සිය අනූ හතරක්. හැට පන්ලක්ෂ තිස් අට දහස් හත්සිය පනස් නව දෙනෙකු තුන්වවන මාත්‍රාව ලබා...
Read More »

Feb 21

එක්ස්ප්‍රස් පර්ල් ශ්‍රී ලංකාවට සිදු කළ හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 5.3ක් ලැබෙයි  

0 comments

එක්ස්ප්‍රස්පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ ආර්ථික හානි පූර්ණයට අදියර දෙකක් යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 5.3 ක මුදලක් මේ වන විට ලැබී ඇති බව සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර පවසනවා. ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 400ක මුදලක් රජය වන්දි ලෙස ලබා දී ඇති බවයි ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින්...
Read More »

Feb 21

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1206ක්  

0 comments

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1206 දෙනෙකු මෙරටින් හදුනාගනිද්දී කොරෝනා ආසාදිත මරණ 30 ක් ද වාර්තා කෙරුණා. ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1206 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 638,043 ක්. 14,900 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 607,119 ක්. කොරෝනා ආසාදිත මරණ 30 ක් ඊයේ දිනයේ වාර්තා කිරීමත්...
Read More »

Feb 21

ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් යන ප්‍රාන්ත ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්න – රුසියා ජනපති  

0 comments

නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් යන ප්‍රාන්ත යුක්රේනයෙන් වෙන්වූ ස්වාධීන මහජන ජනරජයන් ලෙස පිළිගන්නා බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිවේදනය කරනවා. ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් යන ප්‍රාන්ත ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා නීතිමය ලිපිලේඛනවලට ද රුසියා ජනාධිපතිවරයා අත්සන් තැබුවා. ඒ සමගම එම ප්‍රාන්තයන්ට රුසියා හමුදා අනියුක්ත කිරීමේ...
Read More »

Feb 21

ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව රුසියාවෙන්  

0 comments

ගතවූ පැය 24 ට ලොවපුරා රටවල් 224 කින් කොරෝනා ආසාදිතයින් දොළොස් ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හයදහස් එකසිය හැත්තෑ තුනක්. ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවෙන්. එරටින් ඊයේ දිනයේ දී ආසාදිතයින් එක්ලක්ෂ පනස් දෙදහස් තුන්සිය තිස්හත් දෙනෙකු හමුව ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව...
Read More »

Recent News

Gossip Lanka MAG