ඉක්වදෝරයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඉක්වදෝරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගංවතුර හා නායයෑම් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා රොහල්ගත කර ඇති බව ද සඳහන්. අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. නායයෑම් හේතුවෙන් ඉක්වදෝරයේ අගනගරයේ මහාමාර්ග මඩ තට්ටුවකින් වැසී ඇති ආකාරය ද දක්නට ලැබුණා. 2003 වර්ෂයට පසු එරටට ඇද හැලුණු වැඩිම වර්ෂාපතනය මෙය බව කාලගුණ අංශ සඳහන් කරනවා.
The post ඉක්වදෝරයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 22 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment