Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුලි කප්පාදුවකට මණ්ඩලය අවසර ඉල්ලයි – මහජන උපයෝගීතා කොමිසම බැහැ කියයි  

Add comments

විදුලි කප්පාදුවකට අවසර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අද ඉල්ලීමක් කළ ද ඊට අවසර හිමි වූයේ නැහැ.

කොටස් 04 ක් යටතේ  පැය දෙක බැගින් විදුලි කප්පාදුවක් සිදු කළ යුතු බවටයි  විදුලිබල මණ්ඩලය උපයෝගීතා කොමිෂමට දැනුම් දී තිබුණේ.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කළේ තාවකාලික විසදුමක් ලෙස විදුලි කප්පාදුවක් සිදු කිරීම අවශ්‍ය නොවන බවයි.

පසුගිය 31 වනදා යථාතත්ත්වයට පත් කෙරුණු නොරච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වී තිබෙනවා. කෙසේ නමුත් මෙම යන්ත්‍රය අලුත්වැඩියා කටයුත්තක් සදහා අක්‍රිය කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ. මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 270 අහිමි වනවා. එම පසුබිම හමුවේ විදුලි කප්පාදුවක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යෝජනා කර තිබෙන්නේ. ඒ පැය දෙකක කාලයක් දහවල් කාලයේ සහ රාත්‍රි කාලයේදී කොටස් 04 ක් ලෙසටයි.

කෙසේ නමුත් තාවකාලික ගැටලුවකට විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවටයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිර්දේශ කළේ.

 

 

 

 

 

The post විදුලි කප්පාදුවකට මණ්ඩලය අවසර ඉල්ලයි – මහජන උපයෝගීතා කොමිසම බැහැ කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG