කොංගෝ රාජ්‍යයේ කින්ෂාසා නගරයේ විදුලි රැහැනක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙළෙඳසැලක සිටි පුද්ගලයින් පිරිසක් මතට විදුලි රැහැන කඩා වැටීම හේතුවෙන් අනතුර සිදුව තිබෙනවා. විදුලිසැර වැදීම හේතුවෙන් මියගිය වැඩි පිරිසක් එම අවස්ථාවේ එහි රැඳී සිටි වෙළෙඳුන් බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් විදුලි රැහැන කඩා වැටුණේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ. මේ අතර ඉක්වදෝර් හි සිදු වූ නායයාම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 50 කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. සහන කටයුතු අඛණ්ඩව සිදු වනවා.
The post කොංගෝ රාජ්‍යයේ විදුලි රැහැනක් කඩා වැටීමෙන් 26 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment