ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයට බිත්තර ප්රහාරයක් එල්ල වීමේ සිද්ධිය පිළිබඳ එම පක්ෂ ක්රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්රික් සමුළුව පැවති කලගෙඩිහේන ප්රදේශයේදීයි පසුගියදා මෙම ප්රහාරය එල්ල වුණේ. මෙම බිත්තර ප්රහාරය මැර ප්රහාරයක් ලෙසට ලිඛිතව හදුන්වා දෙන පක්ෂ ක්රියාකාරීන් එම ලිඛිත පැමිණිල්ල පොලිස් මූලස්ථානයට ගොස් පොලිස්පතිවරයාට භාර දුන්නා. ඔවුන් පවසන්නේ මේ සම්බන්ධයෙන් ගම්පහ ප්රදේශයේ පොලිස් ස්ථානවලට කර ඇති පැමිණිල්ලට අදාළව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුව නොමැති බවයි.
The post බිත්තර ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිස්පතිට ඉදිරිපත් කරයි appeared first on ITN News.
Post a Comment