රුසියානු යුක්රේන අර්බුදය මධ්‍යයේ ඇමෙරිකාවෙන් යුරෝපයට අමතර හමුදා භට පිරිස් පිටත් කර හැරීමට කටයුතු කර ඇති බව පෙන්ටගනය නිවේදනය කර තිබෙනවා.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට අඛණ්ඩ භීතිකාවක් පවතින පසුබිමක ජනාධිපති ජෝ බයිඩන් යුරෝපයට අමතර හමුදා යැවීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා. උතුරු කැරොලිනාවේ ෆෝට් බ්රූඩ් සිට පෝලන්තයට සහ ජර්මනියට භටයින් 2000 ක් පමණ යවනු ලබන අතර දැනටමත් ජර්මනියේ සිටන භට කණ්ඩායම් දහසක් රුමේනියාවට යැවීමට නියමිත බවයි පැවසෙන්නේ. මෙම ආක්‍රමණය කිරීමේ සැළසුම් රුසියාව ප්‍රතික්ෂේප කරන නමුත් යුක්රේන දේශ සීමා ආසන්නයේ ලක්ෂයක භට පිරිසක් යොදා ඇති බවයි වාර්තා වන්නේ.
The post රුසියානු යුක්රේන අර්බුදය මධ්‍යයේ ඇමෙරිකාවෙන් යුරෝපයට අමතර හමුදා භට පිරිස් appeared first on ITN News.
Post a Comment