ඛණිජතෙල් නිෂ්පාදන මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා ඩොලර් මිලියන 500 ක කෙටි කාලීන ණය ලබා ගැනීම සදහා වූ ගිවිසුම් අද අත්සන් තැබුණා.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්.ආර්. ආටිගල, ඉන්දීය රජය වෙනුවෙන් ඉන්දීය එක්සින් බැංකුවේ ප්‍රධාන සාමාන්‍යාධිකාරී ගෞරව් බණ්ඩාරි යන මහත්වරුනුයි අදාළ ගිවිසුම්වලට අත්සන් කළේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදීයී ගිවිසුමට අත්සන් තැබීම සිදු වුණා. ඉන්දියානු අපනයන, ආනයනය බැංකු සහාය යටතේයි මෙම මුදල් පිරිනැමෙන්නේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දෙසැම්බර් මස ඉන්දියාවේ කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම මුදල් හිමි වුණේ. එම සංචාරයේදී බලශක්ති සංරක්ෂණය සදහා දෙරට අතර ද්වීපාර්ශ්වික සබදතා ශක්තිමත් කිරීමට පියවර ගැනුනා.
ඉන්දියාව මෙරට දීර්ඝ කාලීන සමීපතම මිතුරා වන අතර 1973 වසරේදීයී ප්‍රථම ණය මුදල මෙරටට පිරිනමා ඇත්තේ. ආර්ථික සංවර්ධනය , ජීවනෝපාය සංවර්ධනය, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා මෙන්ම තාක්ෂණික දැනුම දියුණු කිරීමට ද ඉන්දියාව මෙරටට අඛණ්ඩව සහාය ලබා දෙනවා.දේශීය විනිමය වෙළෙදපොලේ ඩොලර් සම්බන්ධව පවතින ද්‍රවශීලතා හිඟය මධ්‍යයේ වුවද ඉන්දියාව මෙසේ ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන්නේ සමීපතම මිතුදමේ ප්‍රථිපලයක් ලෙසයි.
The post තෙල් ගන්න ඉන්දියාවෙන් දෙන ඩොලර් මිලියන 500ක ගිවිසුමට අත්සන් තැබේ appeared first on ITN News.
Post a Comment