කෑගල්ල මහනුවර දිස්ත්‍රික් යා කෙරෙන මහන්තේගම මාර්ගයේ සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. නායයාමට ලක් වූ නුවර කොළඹ මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශය මගහැර යාම සදහා විකල්ප මාර්ගයක් ලෙසයි මෙය ඉදිකෙරෙන්නේ.
මහන්පේගම මාර්ගයේ සංවර්ධන කටයුතු සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 292 ක්. මීටර් පහයි දශම පහක පළලකින් සහ මංතීරු දෙකකින් යුක්තව මෙම මාර්ගය සංවර්ධනය කෙරෙනවා. අදියර දෙකකින් ඉදිවන මාර්ගය ගණේතැන්නෙන් ආරම්භ වී මහන්පේගම හරහා නුවර ගම්පොල මාර්ගයට සම්බන්ධ වනවා.
The post කෑගල්ල මහනුවර දිස්ත්‍රික් යා කෙරෙන මහන්තේගම මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment