අධිකරණ පද්ධතිය ශක්තිමත් වීම තුළින් රටේ ප්රජාතන්ත්රවාදය හා රට ශක්තිමත් වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.
ගම්පොළ නව නගර සැලැස්ම යටතේ ඉදිකළ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය නීතීඥ අනුරාධ ජයරත්න ක්‍රියාත්මක කළ ගම්පොළ නව නගර සැලැස්ම යටතේ රුපියල් මිලියන 300ක වියදමින් ගම්පොළ අධිකරණ සංකීර්ණය ඉදිකර තිබුණා. එම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය අලි සබ්රි කියා සිටියේ රටේ නීති ක්ෂේත්රය තුළ ප්රගමනයක් සිදුවී නොමැති බවයි.
The post ගම්පොළ අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට appeared first on ITN News.
Post a Comment