රුසියාව තම රටේ මුහුදු ප්‍රදේශය අවහිර කර ඇති බවට යුක්රේනය චෝදනා කරනවා.
රුසියාව කළු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නාවික හමුදා අභ්‍යාසයකට සූදානම් වන බව නිවේදනය කිරීමත් සමග යුක්රේනය මේ බව දැනුම් දී තිබෙනවා. යුක්රේන දේශසීමාවේ ලක්ෂයකට ආසන්න හමුදා එක් රැස් කර සිටින රුසියාව මේ වන විට අසල්වැසි බෙලරුස් රාජ්‍යයේ යුද අභ්‍යාසයක්ද ආරම්භ කර තිබෙනවා. තම අනුගාමික පාලනයක් පවතින බෙලරූස් හි මෙම අභ්‍යාසය ද යුක්රේනයට එල්ලකරන තර්ජනයක් ලෙසයි සැලකෙන්නේ.
The post අපේ මුහුදු තීරය අවහිරකරනවා – යුක්රේනයෙන් රුසියාවට චෝදනා appeared first on ITN News.
Post a Comment