බස්නාහිර පළාත තුළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැදීම පිළිබද පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කෙරුණා. එහිදි දහසකට වැඩි පිරිසකට අවවාද කළ බවයි පොලීසිය පවසන්නේ.
කොරෝනා ව්‍යයසනය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ මෙන්ම පොලීසිය දැනුවත් කිරීම් සිදු කරනවා. එම උපදෙස් අනුගමනය නොකරන පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙන්ම අවවාද කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමටයි පොලීසිය පියවර ගෙන තිබෙන්නේ.
ඒ අනුව ඊයේ දින සිදුකළ මෙහෙයුමේදී 6524 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර 1088 දෙනෙකුට දැඩි අවවාද සිදු කර තිබෙනවා. මෙහෙයුම සදහා පොලිස් නිලධාරීන් 619 දෙනෙකු යෙදවූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
The post බස්නාහිර පළාත තුළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැදීම පිළිබඳ පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් appeared first on ITN News.
Post a Comment