යුක්රේන රුසියා අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡාවකට කටයුතු සූදානම් කර ඇති බව ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක ජෙක් සුලිවන් නිවේදනය කර තිබෙනවා.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර මෙම සාකච්ඡාව දුරකතන සංවාදයක් ඔස්සේ සිදු කෙරෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ. යුක්රේනය ආසන්නයේ රුසියානු හමුදා ඒකරාශී වීම මෙන්ම නේටෝ හමුදාවන්ගේ ක්‍රියාකලාපයන් සමග යුද උණුසුමක් වර්ධනය වීම මධ්‍යයයේ මීට සෘජුවම සම්බන්ධ පාර්ශ්වයන් වෙත සිදුකරන පළමු වැනි සාකච්ඡාව මෙය බවද වාර්තා වනවා. යුද උණුසුම සංසිදුවීම සදහා පසුගියදා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ගේ රුසියානු සංචාරය ද මෙම සාකච්ඡාවට ඉවහල් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post යුක්රේන – රුසියා අර්බුදය ගැන ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment