බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සුරතල් සත්ව අනුරුව වන Bing dwendwen මේ දින වල වේගයෙන් අලෙවිවනඅතර සැපයුමේ හිඟයක් පවා ඇති විය.
මේ පිළිබඳ බෙයිජිං ශීත ඔලිම්පික් සංවිධායක කමිටුව පෙන්වා දුන්නේ Bing dwendwen නිෂ්පාදනය වැඩි කර ඇති අතර වෙළඳපොළේ ස්ථාවර සැපයුමක් බිහිවනු ඇති බවයි.
සංඛ්‍යා ලේඛන වලට අනුව Bing dwendwen ශීත ඍතු ඔලිම්පික් සිහිවටනවල දෛනික අලෙවිය චීන යුවාන් මිලියනය ඉක්මවයි.
Bing dwendwen, ජාති, කුලගොත්, දේශසීමා සියල්ල අභිභවා ආදරයේ අරුත මිනිසුන්ට කියාදෙයි.
ජපානවාර්තාකරු Tsuji Hajimedo මහතාගේ සජීව වාර්තාකරණයේදී විස්මිත ලෙස තම ඇඳුමේ ඇති Bing dwendwen බැජ් 6ක් පෙන්වීම හේතුවෙන් ඔහු ඉතාජනප්රියත්වයට පත්විය.
මොනාකෝ රාජ්‍යයේ කුමර Albert Alexandre Louis Pierre Grimaldi මහතා පිටිවලින් Bing dwendwen නිමවා තිබේ. ඔහු කාර්යමණ්ඩලයෙන් තවත් එවැනි Bing dwendwen නිර්මාණය කළ හැකිදැයි විමසා තිබේ.
හංගේරියානු ක්‍රීඩක Liu Shaolin ලෝකඩ පදක්කමක් දිනාරන් Bing dwendwen හිමිකර ගැනීමෙන් පසු පැවසුවේ තවත් Bing dwendwen සිහිවටනයක් ජයග්‍රහණය කළ හොත් එය තම නැගණියට තිළිණ කරන බවයි. තමා සතු Bing dwendwen ඇයටවත් දිය නොහැකි බව ඔහු පැවසීය.
The post ඇයි හැමෝම Bing dwendwenට කැමති? appeared first on ITN News.
Post a Comment