Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ මුදල් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

රුපියල් මිලියන 11 කට වඩා වටිනා විදේශ මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදී එම මුදල් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දිගු කලක් තිස්සේ සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම ජාවාරම හෙළි කර ගැනීමට හැකි වුණේ. ඒ ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට විදේශ මුදල් ජාවාරම් කරන බවට ලැබුණ තොරතුරුවලට අනුවයි. මෙම සැකකරුවන් දෙදෙනා ඩුබායි බලා යාමට තැත් කිරීමේදීයි අත්අඩංගුවට පත් වුණේ. ඔවුන්ගේ ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ යුරෝ 46000 ක් එහිදි සොයා ගැණූනා. සැකකරුවන් පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කෙරෙන බවයි රේගු නිලධාරීන් පවසන්නේ.

 

 

 

The post විදේශ මුදල් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG