අද ඉතාමත් තරඟකාරි ප්‍රවාහන සේවාවක් දක්නට ලැබෙන අතර මගියාට සහ බස්රථ හිමියාට මේ ක්‍රමය නිසා දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු ව ඇති බව ප්‍රවාහන ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
අමාත්‍යවරිය පවසන්නේ පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරිම සඳහා නිසි ක්‍රමවේදයක් තුළින් බස් සේවාව කළමනාකරණය කිරීමට කටයුතු කරන බවයි. ඒ සඳහා “සහසර” ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවත් ඒ තුළින් මගීයාටත් බස් රථ හිමියාටත්, බස් ධාවකයාටත්, ප්රතිලාභ හිමිවන බව ප්‍රවාහන අමාත්‍යවරිය සඳහන් කර තිබේ.
අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ අන්තර් පළාත් මාර්ග 17ක සුඛෝපභෝගි බස්රථ සේවාවන් 25ක් ආරම්භ කරමින්, ඊයේ(01) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ය.
ගාල්ල හා මාතර නගර සඳහා පමණක් මාකුඹුර සිට අධිවේගි මාර්ගය ඔස්සේ ධාවනය වු අධි සුඛෝපභෝගී බස්රථ සේවාව තවදුරටත් පුළුල් කරමින් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මාර්ග 17ක් සඳහා අන්තර් පළාත් සුඛෝපභෝගි බස්රථ සේවාවන් 25ක්, මෙදින ආරම්භ විය.
එම බස් සේවාවන් වන්නේ මාකුඹුර සිට මොණරාගල, බදුල්ල, ඇඹිලිපිටිය, අම්පාර, අක්කරෙයිපත්තු, මහනුවර, මුලතිව්, අනුරාධපුරය, කුරුණෑගල, මඩොල්සිම, වවුනියාව, මඩකලපුව, කදුරුවෙල, කරාඩුගල යන ගමනාන්ත දක්වා යි. ඒ අනුව අන්තර් පළාත් බස්රථ ධාවනය සඳහා නිත්‍ය බලපත් 25ක් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් බස්හිමියන්ට ලබා දෙන ලදි.
මෙම දුරගමන් සේවා බස්රථ ධාවනය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කිරිම තුළින් කොළඹ නගරය තුළ පවතින දැඩි රථ වාහන තදබදයට විසඳුමක් ලැබෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.
එමෙන්ම මෙම දුරගමන් සේවා ලබා ගන්නා මගී ජනතාවට තම වාහන නවතා තැබීමේ පහසුකම් ද ලැබෙනු ඇත. (Park and Ride ක්‍රමය ඔස්සේ.)
මෙම නව බස්රථ සේවාව ආරම්භ කිරීම හා බලපත් ලබාදීමේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග මහතාමහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
The post පොදු ප්‍රවාහනය සේවය නිසි ක්‍රමවේදයකට අනුව කළමණාකරණය කරනවා – ඇමති පවිත්‍රා appeared first on ITN News.
Post a Comment