Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක තෙත් බිම් දිනය අද  

Add comments

ලෝක තෙත් බිම් දිනය අද දිනට යෙදී තිබෙනවා. මෙවර ලෝක එහි තේමාව වන්නේ මිනිසා සහ ස්වභාවධර්මය උදෙසා තෙත් බිම් ක්‍රියාකාරීත්වය යන්නයි.

ඒ අනුව පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරීය එක්ව අපේගම පරිශ්‍රයේදී ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් විශේෂ සමරු වැඩසටහනක් අද පැවැත්වුවා. ඒ සදහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණා. මෙරට පිහිටි රැම්සා තෙත් බිම් ගණන 6 ක්. ඒ බුන්දල,  ආනවිලුන්දාව, මාදුගග, වන්කාලෛ, කුමන තෙත් බිම් පොකුර සහ විල්පත්තු තෙත් බිම් පොකුරයි. ඒවායේ සමස්ත විශාලත්වය හෙක්ටයාර එක්ලක්ෂ අනූඅටදහස් එකසිය හැත්තෑ දෙකක් වෙනවා.

මේ හැර ලෝකයේ පළමු රැම්සා තෙත් බිම් නගරය ලෙස කොළඹ නගරය නම් කර තිබෙනවා.

 

 

The post ලෝක තෙත් බිම් දිනය අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG