තමන් දරන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විමට කිසිදු සුදානමක් නොමැති බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පවසයි.
ඇතැම් සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන ප්‍රවෘත්ති සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මාධ්‍යයට අද (04) දින විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයට තවත් කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබිම පිළිබදව තමන් සතුටු වන බවත්, කැබිනට් ඇමතිධුර දෙකක නුවරඑලිය දිස්ත්‍රික්කයට ලැබිම තුලින් මහජනතාවට මිට වඩා සේවාවක් සිදු කිරිමට හැකි බවත්ය.
තමන් අමාත්‍ය ධුරයේ රැදි සිටිමින් ඕනැම ගැටළුවක් මුහුණ දි ජනතාවට තවදුරටත් වැඩ කරන බවයි අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ.
The post අමාත්‍ය ධුරයෙන් ඉවත් විමට කිසිඳු තිරණයක් ගෙන නැහැ – ඇමති සි.බි.රත්නායක appeared first on ITN News.
Post a Comment