Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වී මිලදී ගැනීමට ණය සපයන ලෙස ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට ජනපතිගෙන් උපදෙස්  

Add comments

වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලංකා සහ මහජන බැංකු වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

තරගකාරී ලෙස වී මිලදී ගෙන රජය සතුව ප්‍රමාණවත් වී සංචිතයක් පවත්වාගෙන යාම ඉලක්ක කරගනිමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

කොළඹ 02, ශ්‍රීමත්චිත්තම්පලම්ඒ. ගාඩිනර්මාවතේ පිහිටිවී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයඅද (04) පෙරවරුවේනිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

මහ කන්නයේ වී මිලදී ගැනීම, තොග රැස් කිරීම, අලෙවිය සහහිඟයකින් තොරව වෙළෙඳපොළ සහල් අවශ්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ගත හැකි පියවර විමසා බැලීම ජනාධිපතිතුමාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

“වී සහ සහල් මිලට ගැනීම, ගබඩා කිරීම, සැකසීම සහ අලෙවිය පිළිබඳ ප්‍රමුඛ රාජ්‍ය මැදිහත්කරු වශයෙන් කටයුතු කිරීම”1971 අංක 14 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත වී අලෙවි මණ්ඩලයේදැක්මයි. අතරමැදියන්ගෙන් තොරව වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සහ වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින අවස්ථාවක වී තොග නිකුත් කිරීම වී අලෙවි මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යය වේ.

පසුගිය රජය යටතේ 2017 සහ 2019 වසරවල වී ඇටයක හෝ ප්‍රමාණයක් මිලදීගෙන නොතිබීම, පරිභෝජනයට ගත හැකි වී තොග සත්ව ආහාර සේ සලකා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට  ඉතා අඩු මුදලට ලබාදීම හේතුවෙන් ආයතනයට විශාල පාඩුවක් සිදුකර ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

වී වලටසාධාරණ මිලක් නොලැබීම, අතරමැදියන්ටකොමිස් මුදල් බෙදී යාම, වී මිලදී ගැනීමේ දී පනවා තිබූ  කොන්දේසි,  ගබඩා නිසි අයුරින් නඩත්තු නොකිරීම යන කරුණු හේතුවෙන් ගොවියා සහ වී අලෙවි මණ්ඩලය අතර සබඳතාව දුරස් වී තිබිණ.

2020ට පෙර වසර පහක කාලයක් පැවති රුපියල් 35කට වඩා අඩු පාලන මිල  2020  මහ කන්නයේ දී රුපියල් 55ක අවමයකට ගෙන ඒමට වත්මන් රජය කටයුතු කළේය. 2022 මහ කන්නය වන විට වී කිලෝවක මිල රුපියල් 95ක තරම් ඉහළ අගයකට පැමිණීමෙන් ඉහළ වී තොගයක් මිලදී ගෙන ගබඩාකිරීමට හැකි වූ බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති, දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලයට මෙට්‍රික් ටොන් 315,000ක සංචිතයක් පවත්වාගෙන යාමේ ධාරිතාවක් තිබේ. එය ලක්ෂ 04ක දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

ගතවූ දෙවසර තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්අලුත්වැඩියා කළ ගබඩා සංඛ්‍යාව 315කි.ඉතිරිව ඇති ගබඩා 35 ද කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

වී මිලදී ගැනීම කඩිනම් කිරීම සඳහා සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් ලෙස උපාධිධාරීන් 40 දෙනෙකු සහ ගබඩා කටයුතු සඳහා බහුකාර්ය නිලධාරීන් 200 දෙනෙකු වහාම අනියුක්ත කිරීමට තීරණය කෙරිණ.

වී ගබඩා ආරක්ෂාව සඳහා අලි වැට ඉදි කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වී අලෙවි මණ්ඩලය ලාභ උපයන ආයතනයක් ලෙස ගොඩනගන අතර කිසිඳු අක්‍රමිකතාවකට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම් සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

The post වී මිලදී ගැනීමට ණය සපයන ලෙස ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG