1994 වසරෙන් පසු පොලී අනුපාතිකය වැඩිම අගයකින් ඉහළ නැංවීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර තිබෙනවා.
ඇමෙරික එක්සත් ජනපදය තුළ වර්ධනය වෙමින් තිබෙන අධික උද්ධමනය පාලනය කිරීමේ අරමුණිනුයි මෙලෙස පොලී අනුපාත ඉහළ නංවා තිබෙන්නේ. ජීවන වියදම ඉහළ යාම නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ අඩු ආදායම්ලාභී පවුල් විශාල සංඛ්‍යාවක් දැඩි පීඩාවකට පත්ව තිබෙනවා. යුක්රේන යුද්ධය හේතුවෙන් බලශක්ති ක්ෂේත්රයේ ඇති වූ දැඩි අර්බුදකාරී තත්ත්වය මෙලෙස උද්දමනය වර්ධනය වීමට බලපෑ බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ. ඉදිරි දෙවසර තුළදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය තවත් පසුබෑමට ලක්විය හැකි බවට ඔවුන් අනතුරු අගවා තිබෙනවා.
The post ඇමෙරිකාවේ වාර්තාගත පොලී අනුපාත වැඩිවීමක් appeared first on ITN News.
Post a Comment