ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය යන රටවල රාජ්‍ය නායකයන් අද යුක්රේනයේ කියෑව් නගරයේ සංචාරය කිරීමට නියමිතයි.
යුක්රේනයට දක්වන සහාය පිළිබිඹු කිරීම සඳහා මෙම සංචාරය සිදු කරන බවයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. යුක්රේනයේ සෙවරෝඩොනේට්ස්ක් ඇතුළු ප්‍රදේශ කිහිපයක මේ වන විටත් බිහිසුණු සටන් ක්‍රියාත්මක වනවා. රුසියාව නිවේදනය කර ඇත්තේ සෙවරෝඩොනේට්ස්ක්හි ඇසොට් රසයානික බලාගාරයෙන් යුක්රේන හමුචා වහා ඉවත්ව යා යුතු බවයි. එසේ නොවූහොත් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියා හමුදා සූදානම් බව ද මොස්කව් බලධාරීන් පවසා තිබෙනවා. මේ වන විට සෙවරෝඩොනේට්ස්ක් ප්‍රදේශයට ලැබෙන අත්‍යවශ්‍ය ආහාර ඉතා සීමා සහිත වී ඇති බැවින් ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටිනවා.
The post ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය යන රටවල රාජ්‍ය නායකයින් අද කියෑව් නගරයේ සංචාරයක appeared first on ITN News.
Post a Comment