ආහාර තොග එක්රැස් කර තබා ගැනීම වැළැක්වීම සදහා මෙන්ම සහල් මෝල් හිමියන් හා මහාපරිමාන වීගබඩා හිමිකරුවන් පාලනයට ලක් කෙරෙන නව නීති සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සහල් මෝලි හිමියන් මුහුණ දෙන මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. ඊට රාජ්‍ය සහ වානිජ බැංකු නියෝජිතයන් මහබැංකුවේ හා මහාභාණ්ඩාගාරයේ නිලධාරීන් ඇතුළු පරිසක් ඊට එක්ව සිටියා.
ණය ලබාදීමේදී මූල්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබා දුන්නා. ණය ලබාදීමේ ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන ලෙසයි මහබැංකු හා භාණ්ඩාගාර නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා තවදුරටත් දැනුම් දුන්නේ.
සහල් මෝල් හිමියන් ඉල්ලා සිටින ණය පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා නොදීම මෙන්ම සහල් තොග සගවා ගැනීම් ද සිදු වන බව සාකච්ඡාවට එක්සිටි අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියා.
The post හාල් මෝල් හිමියනුත්, වී ගබඩා හිමිකරුවනුත්, පාලනයට අගමැතිගෙන් නව නීති මාලාවක් appeared first on ITN News.
Post a Comment