අද මධ්‍යම රාත්‍රියේ සිට කිව් ආර් පද්ධතියට ආදාළව නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව ස්වයංක්‍රීයව යාවත්කාලීන වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරනවා.
පූර්ණ කාලීනව ත්‍රීරෝද රැකියාවේ නිරත වන පුද්ගලයන්ට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ඉදිරියේ දී සංශෝධනය කිරීමට කටයුතු කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා පවසනවා.
අද මධ්‍යම රාත්‍රියේ සිට කිව් ආර් පද්ධතියට අදාළව නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව ස්වයංක්‍රීයව යාවත්කාලීන වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා. ඒ අනුව හෙටින් ආරම්භ වන සතියට අදාළව ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියෙන් පසු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. යතුරු පැදියක් සදහා සතියකට ඉන්ධන ලීටර් 4ක් ත්‍රී රෝද රථයක් සදහා ඉන්ධන ලීටර් 5ක් මෝටර් රථයක් සහ වෑන් රථයක් සදහා ඉන්ධන ලීටර් 20ක් වශයෙන් කෝටා ක්‍රමය යටතේ හිමිවනවා. එම ක්‍රමය යටතේ ලොරි රථයක් සදහා සතියකට හිමිවන ඉන්ධන ප්‍රමාණය ලීටර් 50ක්
The post ත්‍රීවිල් රියදුරන්ගේ ඉන්ධන කෝටාව වැඩිවන ලකුණු appeared first on ITN News.
Post a Comment