ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ කැරළිකරුවන් අතර සටන්විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිට සටන්විරාමය ක්‍රියාත්මක බවයි පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් කැරළිකරුවන් සදහන් කරන්නේ. සටන් විරාමය ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මකයි. එමෙන්ම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය යායර් ලැපිඩ් ද සටන් විරාමයක් ක්‍රියාත්මක බවට තහවුරු කර තිබෙනවා. කෙසේ වුවද පසුගිය දින කිහිපයේ සිදුවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගියා. එම පිරිස අතරට කුඩා දරුවන් 15 දෙනෙකු ද ඇතුළත්. මීට පෙර 2021 වසරේ මැයි මාසයේ දී දින 11 ක් පුරා ගාසා තීරයේ හටගත් ගැටුම්වලින් දෙපාර්ශ්වයේම විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. ගාසාතීරයේ ක්‍රියාත්මක පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ප්රහාරයන් එල්ල කළ බවයි ඊශ්‍රායල හමුදාව සදහන් කරන්නේ.
The post ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ කැරළිකරුවන් අතර සටන්විරාමයක් appeared first on ITN News.
Post a Comment