අයහපත් කාලගුණයෙන් මාතර දිස්ත්රික්කයේ ප්රදේශ රැසක් ජලයෙන් යටව තිබෙනවා. නිවාස සහ මාර්ග ජලයෙන් යට වී විශාල පිරිසක් අපහසුතාවට පත්වසිටින බවයි අප වාර්තාකරුවන් පවසනවා.
නිල්වලා ගඟ සහ කිරමආර ඔය පිටාර ගැලීමෙන් මේ වන විට ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා. මාකදුර, රන්සෑගොඩ, ආදපාන, කඹුරුපිටිය, ගෝදාව, සපුගොඩ, කද්දුව, අකුරැස්ස, මාලිම්බඩ, අතුරලිය ආදී ප්රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව මාතර ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. කිරමආර ඔය පිටාර ගැලීමෙන් කඹුරුපිටිය මුලටියන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනය මුලුමලින්ම ඇණ හිට තිබෙනවා. කඹුරුපිටිය රෝහලට පැමිණෙන රෝගීන් පමණක් නොව කාර්ය මණ්ඩලය පවා මෙම තත්ත්වය මත දැඩි අසීරුතාවට පත් වුණා. ඔවුන්ට රෝහල වෙත යෑමට හැකි වූයේ කඹුරුපිටිය රටලංකාව ප්රදේශයේ ස්ථාපිත 613 බලසේනා මූලස්ථානයේ හමුදා සාමාජිකයන්ගේ මැදිහත්වීමෙනුයි. ලොරි රථ මගින් පැමිණි පිරිස් රෝහල වෙත රැගෙන යාම හමුදා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් සිදු වුණා. නිල්වලා ගඟ පිරාට ගැලීමෙන් පානදුගම හෝන්දුගොඩ සහ බලකාවල යන ප්රදේශ ජලයෙන් යටවී අකුරැස්ස – සියඹලාගොඩ, අකුරැස්ස – අතුරලිය සහ අකුරැස්ස – කඹුරුපිටිය යන මාර්ග අවහිර වී තිබෙනවා. මාතර දිස්ත්රික්කයට මේ වන විටත් තද වැසි ඇද හැලෙමින් පවතින බැවින් ගංගා දෙපස සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි මාතර ආපදා කළමණාකරණ ඒකකය දැනුම් දෙන්නේ.
The post මාතර දිස්ත්රික්කයේ ප්රදේශ රැසක් ජලයෙන් යටවෙයි appeared first on ITN News.
Post a Comment