Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්ස්ප්‍රස් පර්ල් විමර්ශන තවදුරටත් සිදුකරන බව නීතිපති කොළඹ මහාධිකරණයට දන්වයි  

Add comments

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන තවදුරටත් සිදුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදීයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබද විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව පැමිණිල්ල සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙසයි විනිසුරුවරයා දැනුම් දුන්නේ.

මෙම පැමිණිල්ල අද කැදවූ අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකරුවන් වන අදාළ නෞකාවේ කපිතාන්වරයාත් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන්දෙනාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

 

 

 

 

The post එක්ස්ප්‍රස් පර්ල් විමර්ශන තවදුරටත් සිදුකරන බව නීතිපති කොළඹ මහාධිකරණයට දන්වයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG