මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ බීඩි නිෂ්පාදන සමාගමක නම භාවිත කරමින් ව්‍යාජ ලෙස බීඩි නිෂ්පාදනය කල පුද්ගලයෙකු කලුතර හල්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.
හල්තොට ප්‍රදේශයේ දෙමහල් නිවසක මෙම බීඩි නිෂ්පාදනය කර තිබෙනවා. රුපියල් ලක්ෂ පහකට ආසන්න බීඩි 60,000 ක තොගයක් ද මෙහි තිබී සොයා ගැනුණා. බීඩි නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ඇතුළු උපකරණ ද පොලිස් භාරයට ගැනුණා. තම වෙළද නාමය යොදා ගනිමින් මහා පරිමාණ වශයෙන් බීඩි නිශ්පාදනය කල වෙළෙදපොලට යොමු කරන බවට සමාගමක් සිදුකල පැමිණිල්ලකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.
The post නීති විරෝධි ලෙස බීඩි නිෂ්පාදනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment