ඉන්ධන මිල ඉහළ දැමීටම එරෙහිව බංගලාදේශයේ විරෝධතා ආරම්භ වී තිබෙනවා.
මීට දින හතකර පෙර බංගලාදේශ රජය 51.7%කින් ඉන්ධන මිල ඉහළනංවනු ලැබුවා. රුසියා යුක්රේන අර්බුදය හේතුවෙන් මෙලෙස ඉන්ධනන මිල ඉහළ දැමීමට කටයුතු කල බවයි බංගලාදේශ රජය සඳහන් කරන්නේ. විරෝධතාකරුවන් සඳහන් කරන්නේ ඉන්ධන මිල මෙන්ම අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ද ඉහළ ගොස් ඇති බවයි. මීට පෙර පෙට්‍රල් ලීටරයක් එරට මුදල් ඒකකය වන ටකා අසූ හයක් ලෙස පැවැති අතර නව සංශෝධනයෙන් එය ටකා 130ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඩීසල් සහ භූමිතෙල් මිල ද 42%කින් වැඩි කිරීමටයි එරට රජය කටයුතු කර ඇත්තේ.
The post ඉන්ධන මිල ඉහළ දැමීටම එරෙහිව බංගලාදේශයේ විරෝධතා appeared first on ITN News.
Post a Comment