Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගත්කතුවර සල්මාන් රෂ්ඩිගේ තත්ත්වය යහපත් අතට  

Add comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්හිදී පිහි ඇනුමකට ලක් වූ ලෝකප්‍රකට ගත් කතුවර සල්මාන් රෂ්ඩිගේ තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා.

ලෝක ප්‍රකට ගත්කතුවර සල්මාන් රෂ්ඩිට නිව්යෝර්ක් හි පැවති වැඩසටහනක් අතරතුර වේදිකාවකට නැග පිහියෙන් ඇනීම සිදුකර තිබුණේ හදී මතාර් නමැති වයස අවුරුදු 24 ක තරුණයෙක්. සල්මාන් රෂ්ඩි මේ වනවිට හැත්තෑ පස් හැවිරිදි වියේ පසුවන අතර ගෙලට සහ උදරයට පිහි ප්‍රහාර එල්ල වී තිබුණා. තුවාල ලැබූ සල්මාන් රෂ්ඩි ගුවන් මගින් රෝහලකට රැගෙන ගිය අතර කඩිනමින් ශල්‍යකර්ම කිහිපයකට භාජනය කෙරුණා. මේ වන විට ඔහුට සවි කර තිබු ශ්වසානාධාර යන්ත්‍ර ඉවත් කර ඇති අතර ඔහු අදහස් ප්‍රකාශ කර ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ. කෙසේවෙතත් ඔහුගේ ඇසක් සහ අක්මාව අක්‍රීයවීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරුන් පවසනවා. සල්මන් රෂ්ඩිට පිහියෙන් ඇනීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව බන්ධනාගාර ගත කර තිබෙනවා. සල්මන් රෂ්ඩි ඉස්ලාම් දහම විවේචනය කරමින් කෘතියක් රචනා කිරීම නිසා ඉරානය ඇතුළු අරාබි රටවලින් දැඩි විරෝධයක් එල්ල වී තිබුණා. මේ හේතුවෙන් ඔහුගේ ජීවිත ආරක්ෂාව සඳහා වසර ගණනාවක් පුරා ආරක්ෂාව ලබාදීමටද කටයුතු කෙරුණා.

 

The post ගත්කතුවර සල්මාන් රෂ්ඩිගේ තත්ත්වය යහපත් අතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG