යුවාන් වෑන්ග් ෆයිව් නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීම සදහා අවසර ලබා දි ඇති බව වාර්තා වනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවශ්‍ය අවසරය ලබා දී තිබෙනවා.
යුවෑන් වෑන්ග් නෞකාව දැනට දින තිහක් පුරා චීනයේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබෙනවා. එය හම්බන්තොට වරායට ළගාවීමට නියමිතව තිබුණේ පසුගිය අගෝස්තු 11 වනදායි. ගවේෂණ සහ අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාවක් වන මෙම නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ඇමෙරිකාව විසින් විරෝධය පළ කර තිබුණා.
මේ වනවිට මෙම නෞකාව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 590 ක් දුරින් ගිණිකොණ දිශාවේ සිට හම්බන්තොට වරාය දක්වා පැමිණෙමින් තිබෙනවා. පසුගිය දින කිහිපයේම නෞකාවේ වේගය අඩාල කරමින් පැමිණියේ ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මතු වූ ගැටලු නිසාවෙනි.
විදේශ කටයුතු අමාත්‍යාංශය යුවැන් වෑන්ග් නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම සදහා අගෝස්තු 16 සි 22 වනදා දක්වා අවසර ලබා දෙන්නැයි හාබර් මාස්ටර් වරායට දන්වා ඇති බව ආරංචි මාර්ග සදහන් කරනවා.
The post චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර appeared first on ITN News.
Post a Comment